FAQ

නිතර අසනු ලබන ප්‍රශ්න

“ඉටුකම” යනු අර්ථපූර්ණ සංක්ෂිප්ත වචනයකි.
මෙම අවාසනාවන්ත ව්‍යවසනකාරී අවස්ථාවේ සියලු මිනිසුන්ගේ ජීවිත උදෙසා මුල්තැන දෙමින් කටයුතු කරන රාජ්‍ය මෙහෙවර සදහා සෑම ශ්‍රී ලාංකිකයෙකු විසින්ම ඉටුකල යුතු පරිත්‍යාගී යුතුකම “ඉටුකම” නම් වේ.

“ඉටුකම” ව්‍යපෘතිය යනු ක්‍දඩසා- 19 පැතිරීම පාලනය කිරීම සහ ඒ හා සම්බන්ධ සමාජ සුබසාධනයන් සඳහා අවැසි ශක්තිමත් සහයක් ලබාදීම අරමුණු කරගනිමින් අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පිහිටුවන ලද

සෞඛ්‍ය හා සමාජ ආරක්ෂක අරමුදල් රැස් කිරීමේ වැඩසටහනකි.
ජනාධිපති අරමුදලේ රුපියල් මිලියන 100 ක පරිත්‍යාගයක් සමඟින් මෙම අරමුදල පිහිටුවන ලදි.
මෙමගින් ක්‍දඩසා- 19 වසංගතය මැඬලීමේ මෙහෙයුමේ තීරණාත්මක සෞඛ්‍ය අවශ්‍යතා සඳහා සහ ශ්‍රී ලංකාව තුළ ඉදිරියේ ඇතිවිය හැකි මෙවනි වූ වෙනත් හදිසි සෞඛ්‍ය අවශ්‍යතා සදහා දිගුකාලීන සූදානම වැඩිදියුණු කෙරේ.

මෙම අරමුදලේ මූලික සහ ක්ෂනික අරමුණුගත ඉලක්කය වන්නේ සෞඛ්‍ය අංශයේ සහ අනෙකුත් අත්‍යවශ්‍ය සේවා සපයනන්ගේ සෞඛ්‍ය හා ආරක්ෂාව සහතික කිරීම වන අතර එලෙසින්ම COVID-19 නිසාවෙන් අවදානමට ලක්ව සිටින අපගේම ජනතාවට සහනාධාර සැපයීමට රජයට අවස්ථාව සලසාදීමයි. වර්තමාන සෞඛ්‍ය සේවයේ සම්පත් සීමිත බව නිසා ඇතිව තිබෙන අවදානම අවම කිරීම සහ බෝවන රෝගයන්ට ජාතික වශයෙන් සූදනම් වීමට අවශ්‍ය කරන සාධකයන් වැඩි දියුණු කිරීම සදහා තීරණාත්මක ආයෝජන කිරීම උදෙසා මෙම අරමුදල යොදා ගැනේ.

අරමුදල කළමනාකරණය කරනු ලබන්නේ සෞඛ්‍ය, රාජ්‍ය පරිපාලන හා මූල්‍ය පිළිබඳ විශේෂඥයින්, පොලිස්පති, අමාත්‍යාංශ ලේකම්වරු, සෞඛ්‍ය සහ විගණන සාමාන්‍යාධිකාරීවරු සහ බැංකු වෘත්තිකයින්ගෙන් සමන්විත කළමනාකරණ කමිටුවක් මඟිනි. ලෝක සෞඛ්‍ය සංවිධානය, යුනිසෙෆ්, යූඑන්ඩීපී, ලෝක බැංකුව, ඒඩීබී වැනි ජාත්‍යන්තර සංවිධාන රැසක සම්බන්ධීකරණයෙන් අරමුදල් රැස්කෙරෙන අතර ශ්‍රී ලංකාවේ ප්‍රධාන සංවර්ධන හවුල්කාර සමූහයන් සහ ඒකාබද්ධ ජාතික ප්‍රතිසම්පාදන ක්‍රමයක් මත පදනම්ව අරමුදල් පරිපාලන සහ සම්පත් වෙන්කිරීම නිවැරදිම ආකාරයෙන් සිදුවේ.

17 දෙනෙකුගෙන් යුත් කමිටුවක් මඟින් මෙම අරමුදල කළමනාකරණය සිදුවේ.

මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ලක්ෂමන් මහතා - මහ බැංකු අධිපති
රවින්ද්‍ර. ජේ. විමලවීර මහතා - ප්‍රධාන මූල්‍ය නිලධාරී, ජනාධිපති ලේකම් කාර්යාලය
එස්. ආර්. ආටිගල මහතා - ලේකම්, මුදල්, ආර්ථික හා ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යාංශය
මේජර් ජෙනරාල් ජී.ඩී.එච්. කමල් ගුණරත්න - ලේකම්, ආරක්ෂක අමාත්‍යාංශය
එස්. හෙට්ටිආරච්චි මහතා - ලේකම්, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා අමාත්‍යාංශය
භද්‍රාණි ජයවර්ධන මහත්මිය - ලේකම්, සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍යාංශය
චන්දන ඩී. වික්‍රමරත්න මහතා - පොලිස්පති (වැ.බ.)
වෛද්‍ය අනිල් ජාසිංහ - සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්
මේජර් ජෙනරාල් ජී. විජිත රවිප්‍රිය - අධ්‍යක්ෂ ජනරාල්, ශ්‍රී ලංකා රේගුව
නුෂාඞ් එම්. පෙරේරා මහතා - සභාපති, ලංකා සතොස
ශ්‍රීයාන් ද සිල්වා විජයරත්න මහතා - සභාපති, සේවා නියුක්තයන්ගේ භාර අරමුදල
පී.ඩී. ඉන්දිකා එල්. විජේගුණවර්ධන මහත්මිය - අතිරේක ලේකම්, ජනාධිපති කාර්යාලය
නීතීඥ හරිගුප්ත රෝහණධීර - අධ්‍යක්ෂ ජනරාල් (නීති), ජනාධිපති කාර්යාලය
එන්.ඩබ්.ජී.ආර්.ඩී. නානායක්කාර මහතා - සහකාර අධිපති, ශ්‍රී ලංකා මහ බැංකුව
ඩබ්.පී. රසෙල් ෆොන්සේකා මහතා - ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී, ලංකා බැංකුව
එස්. ස්වර්ණජෝති මහතා - හිටපු විගණකාධිපති
නීතීඥ ජේ.එම්.එස්.ජී. ජයසුන්දර - කොළඹ මහාධිකරණ නීතීඥ සංගමයේ හිටපු සභාපති

ආරම්භයේ පටන්ම Covid- 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල සඳහා ජාත්‍යන්තර, ආයතනික, පුද්ගලික සහ ඍජු පරිත්‍යාගයන් නොමසුරුව නොනවත්වා ගාලාගෙන ඒම සිදුවිය.
කෙසේ වෙතත් මෙම වසංගතය කළමනාකරණය කරගනිමින් සාර්ථකව ජයගැනීමදී ඉදිරි සති, මාස වලදී කළයුතු ක්‍රියදාමයන් බොහෝ වන නිසාවෙන් මෙම අරමුදල අඛණ්ඩව වර්ධනය කර ගැනීම අත්‍යවශ්‍ය වේ.
මෙම අරමුදලේ මූලික සහ ක්ෂනික අරමුණුගත ඉලක්කය වන්නේ සෞඛ්‍ය අංශයේ සහ අනෙකුත් අත්‍යවශ්‍ය සේවා සපයන්නන්ගේ සෞඛ්‍ය හා ආරක්ෂාව සහතික කිරීම වන අතර එලෙසින්ම Covid - 19 නිසාවෙන් අවදානමට ලක්ව සිටින අපගේම ජනතාවට සහනාධාර සැපයීමට රජයට අවස්ථාව සලසාදීමයි .
වර්තමාන සෞඛ්‍ය සේවයේ සම්පත් සීමිත බව නිසා ඇතිව තිබෙන අවදානම අවම කිරීම සහ බෝවන රෝගයන්ට ජාතික වශයෙන් සූදනම් වීමට අවශ්‍ය කරන සාධකයන් වැඩිදියුණු කිරීම සඳහා තීරණාත්මක ආයෝජන කිරීම උදෙසා මෙම අරමුදල යොදා ගැනේ.
මිලියන 900 ක් අගයක් දක්වා ඉහළ නැගී ඇති මෙම අරමුදල දිනපතා වර්ධනය වෙමින් තිබේ .
වර්තමාන ශේෂය දැනගැනීම සඳහා - https://www.itukama.lk/

ඔව්.

COVID-19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලට පරිත්‍යාග දේශීය හා විදේශීය පරිත්‍යාගශීලීන්ගෙන් බාරගනු ලැබේ.
ලංකා බැංකුවේ ප්‍රධාන ශාඛාවේ 85737373 ගිණුම් අංකය යටතේ "COVID-19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල" යන නමින් විශේෂ ගිණුමක් විවෘත කර ඇත.
පරිත්‍යාග කිරීම සදහා - https://www.itukama.lk/donate-now/

1- සෞඛ්‍ය සේවා, ඖෂධ, පරීක්ෂණ උපකරණ සහ ධාරීතාව වර්ධනය ඇතුළු COVID-19 කළමනාකරණය සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් දරණ ලද වියදම්

2- දැනට පවතින වසංගත තත්ත්වය තුළ සෞඛ්‍ය අංශ සේවකයන්ගේ සහ අත්‍යවශ්‍ය මහජන බෙදාහැරීමේ සේවා සැපයීමට කටයුතු කරන සියලු සැපයුම්කරුවන්ගේ සෞඛ්‍ය හා ආරක්ෂාව සඳහා පහසුකම් සැලසීම

3- කාන්තාවන්, ළමුන්, අඩු ආදායම් ලබන්නන්,වැඩිහිටියන් සහ ආබාධිත පුද්ගලයන් ඇතුළු හඳුනාගත් අවදානමට ලක්විය හැකි කණ්ඩායම් සඳහා මූලික අවශ්‍යතා සැපයීම

4 - මහජන සෞඛ්‍ය සේවා පද්ධතිය සහ ග්‍රාමීය බෙහෙත්ශාලා, පරීක්ෂණ සහ ප්‍රතිකාර මධ්‍යස්ථාන ශක්තිමත් කිරීම මඟින් බෝවන රෝග සදහා ජාතික අවදානම අවම කිරීම

5 - දේශීය වෛද්‍ය විද්‍යාව සහ දේශීය අමුද්‍රව්‍ය භාවිතය ඇතුළු සෞඛ්‍ය හා සනීපාරක්ෂාව පිළිබඳ පර්යේෂණ සහ නව්‍යකරණයන් ප්‍රවර්ධනය කිරීම

6 - ගෝලීය වශයෙන් අලෙවි කළ හැකි ආරක්ෂිත ඇඳුම් සහ සනීපාරක්ෂක නිෂ්පාදනවල දේශීය නවෝත්පාදනයන්ට සහය වීම

7- මාධ්‍ය සහ අධ්‍යාපන වැඩසටහන් මඟින් සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ප්‍රවර්ධනය කිරීම

ඔව්. කරුණාකර ඊමේල් පණිවිඩයක් යොමු කරන්න. partnerships@itukama.lk